ඉදිරියේ කාලගුණ ගැන අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පැහැදිලි කිරීමක්

වත්මන් කාල පරිච්ඡේදයේදී ඊසාන දිග මෝසම් වැසි තත්ත්වය ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අනුව බලපා ඇති ඊසාන දිග මෝසම් තත්ත්වයත් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවද අතුල කරුණායක මහතා පෙන්වා දෙනවා.

ඒ අනුව බොහෝවිට ලබන 09,10 සහ 11 යන දින කිහිපයේ දී උතුරු, උතුරු මැද, වයඹ සහ ඌව යන පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියවක් පවතින බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
7
+1
11
+1
0
+1
2
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?