ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර මිල තවත් ඉහළට

ඉදිරියේ දී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් ඉහළ යා හැකි බව ආනයනකරුවන්ගේ සංගමය පවසයි එයට හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩගාරය ගෙන ඇති ඇතැම් තීරණයි.

අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ආනයනකරුවන් ඊට අදාළ චක්‍ර ලේඛ අහෝසි කරන ලෙසයි.පසුව ගෙවීමේ පදනම මත අල, ලූනූ ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනය මෙම විසි වැනිදා අවසන් වීමට නියමිතය. එම ක්‍රමය නතර නොකරන ලෙස ද ඉල්ලා තිබේ.

ඩොලර් හිඟය හේතුනේ දැනට ආනයනය කර ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදා ගැනීමට නොහැකි වී ඇති බවද ආනයනකරුවන් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?