ඉතිහාස ගතවෙමින් ජැෆ්නා කිංග්ස් 2022 LPL කිරුළ පළඳියි

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය හිමිකර ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ සමත් වුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම තියුණු සටනකින් පසු කඩුලු 02කින් පරාජය කරමින්.

තරගයේ කාසිය වාසිය දිනා ගත් ජැෆ්නා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කලම්බෝ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05කට ලකුණු 163ක් රැස් කළා.

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 08ක් දැවී එම ඉලක්කය පසුකර යමින් මෙවර එල්.පී.එල්. ශූරතාව තමන් සතුකර ගත්තා.

ඒ, අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එල්.පී.එල්. ශූරාතාව අඛණ්ඩව තෙවරක් දිනාගත් කණ්ඩායම බවට ඉතිහාස ගත වනවා.

මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු සම්මානයට පාත්‍ර වූ අතර, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණේ සමස්ත තරගාවලිය තුළ කඩුලු 18ක් බිඳ දැමූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාර්ලොස් බ්‍රාරත්වෙයිට්.

2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වන්නට (තරගාවලියේ වීරයා) ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සධීර සමරවික්‍රමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08