2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය හිමිකර ගන්නට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) රාත්‍රියේ සමත් වුණා.
ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේ දී ප්‍රතිවාදී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම තියුණු සටනකින් පසු කඩුලු 02කින් පරාජය කරමින්.
තරගයේ කාසිය වාසිය දිනා ගත් ජැෆ්නා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කලම්බෝ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05කට ලකුණු 163ක් රැස් කළා.
ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 08ක් දැවී එම ඉලක්කය පසුකර යමින් මෙවර එල්.පී.එල්. ශූරතාව තමන් සතුකර ගත්තා.
ඒ, අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම එල්.පී.එල්. ශූරාතාව අඛණ්ඩව තෙවරක් දිනාගත් කණ්ඩායම බවට ඉතිහාස ගත වනවා.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු සම්මානයට පාත්‍ර වූ අතර, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වුණේ සමස්ත තරගාවලිය තුළ කඩුලු 18ක් බිඳ දැමූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කාර්ලොස් බ්‍රාරත්වෙයිට්.
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා බවට පත්වන්නට (තරගාවලියේ වීරයා) ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සධීර සමරවික්‍රමට හැකියාව ලැබුණා.














