ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස සනායි ටකයිචි තෝරා පත්කරගෙන තිබෙනවා.
ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා කාන්තාවක් තේරිපත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයවීම විශේෂත්වයක්.
අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ජපාන පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 237ක් ඇයට හිමිව තිබුණා.
එම ඡන්ද සංඛ්‍යාව සරල බහුතරයකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ අගයක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
ජපාන මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ 64 හැවිරිදි මෙම කොන්සර්වේටිව් මන්ත්‍රීවරිය ඡන්ද 237ක් ලබා ගනිමින් ආසන 465 කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ බහුතර සීමාව පහසුවෙන් ලබාගත් බවයි.
ඒ, අනුව ජපානයේ 104 වන අගමැතිනිය ලෙස ටකයිචි අද (21) සවස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.















