ඇෆ්ගන් සරණාගතයින් මිලියනයකට රටින් පිටවන ලෙස පාකිස්ථාන රජයෙන් නියෝග

පාකිස්ථානය තුළ නීත්‍යනුකූලව වෙසෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් මිලියනයකට රටින් පිටවන ලෙස පාකිස්ථාන ෆෙඩරල් රජය නියෝග කර තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ ජුනි 30 වැනිදා වන විට සිය ස්ථීර ලියාපදිංචිය කල් ඉකුත් වී ඇති සරණාගතයින් පාකිස්ථානය තුළ වාසය කිරීම අපරාධමය වරදක් බවයි.

නව තීරණයත් සමඟ දශක කිහිපයක් පාකිස්ථානයේ වාසය කළ ඇෆ්ගන් ප්‍රජාව දැඩි ගැටලුවකට මුහුණ දී සිටිනවා.

මෙම වර්ධනය පිළිබඳ පාකිස්ථානයේ UNHCR දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

බලහත්කාරයෙන් ඔවුන් රටින් පිටත් කර හැරීම ජාත්‍යන්තර නීතිමය මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවයි එක්සත් ජාතීන්ගේ ආයතනය අනතුරු අඟවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?