ඇසළ පෙරහැර අස්සෙ වැඩි මිලට මත්පැන් විකුණූ අයෙක් අල්ලයි

මේ දිනවල ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා.

ඇසළ පෙරහැර හේතුවෙන් මහනුවර නාගරික සීමාවේ සියලු මත්පැන් අලෙවි සැල් වසා ඇති පසුබිමක සූක්ෂ්ම අයුරින් පෙරහැරට නුදුරු ස්ථානයක මත්පැන් අලෙවි කළ වෙළෙඳසැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කළා.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අතරතුර නීතිවිරෝධී අයුරින් සිය සුරා සැල විවෘත ව තබා ගනිමින්, වැඩි මිලට මත්පැන් විකුණූ අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ මහනුවර නගර සීමාවේ පෙරහැර පැවැත්වෙන සීමාවට ආසන්නයේ දී යි.

මත්පැන් වෙළෙඳසැළේ හිමිකරු විසින් පෙරහැර ආරම්භ වීමට පෙර පැමිණෙන පිරිස් හට වෙළෙඳපොළේ පවතින මිලට වඩා දෙගුණයක මුදලකට විකුණා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කරන විට දී මෙම සැකකාර තැනැත්තා විසින් අදාළ ස්ථානයේ මත්පැන් විකුණන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

වැටලීමේ දී වෙළෙඳසැලේ තිබී බීර කෑන් 12 ක් සොයා ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු හට රුපියල් 30,000 ක දඩයක් නියම කර තිබෙනවා.

ඇසළ පෙරහර නිමිත්තෙන් මෙම මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වැනි දිනය අදයි.

ඊයේ (12) රාත්‍රියේ දී තුන්වැනි දිනට කුඹල් පෙරහැර වීදි සංචාරය සිදු කළා.

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 10 වැනි දා පස්වරු 06.06ට ආරම්භ වූයේ පළමු කුඹල් පෙරහැර සුබ මොහොතින් වීදි සංචාරය කිරීම අරඹමින්.

අවසන් කුඹල් පෙරහර හෙට(14) දිනයේ දී විථි සංචාරය කිරීමට නියමිතයි.

පළමු වැනි රන්දෝලි පෙරහර අනිද්දා (15) ආරම්භ වන අතර එළඹෙන 20 වනදා පැවැත්වෙන දහවල් පෙරහරින් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?