ඇසළ පෙරහැර අස්සෙ වැඩි මිලට මත්පැන් විකුණූ අයෙක් අල්ලයි

මේ දිනවල ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙනවා.

ඇසළ පෙරහැර හේතුවෙන් මහනුවර නාගරික සීමාවේ සියලු මත්පැන් අලෙවි සැල් වසා ඇති පසුබිමක සූක්ෂ්ම අයුරින් පෙරහැරට නුදුරු ස්ථානයක මත්පැන් අලෙවි කළ වෙළෙඳසැලක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කළා.

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන අතරතුර නීතිවිරෝධී අයුරින් සිය සුරා සැල විවෘත ව තබා ගනිමින්, වැඩි මිලට මත්පැන් විකුණූ අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ මහනුවර නගර සීමාවේ පෙරහැර පැවැත්වෙන සීමාවට ආසන්නයේ දී යි.

මත්පැන් වෙළෙඳසැළේ හිමිකරු විසින් පෙරහැර ආරම්භ වීමට පෙර පැමිණෙන පිරිස් හට වෙළෙඳපොළේ පවතින මිලට වඩා දෙගුණයක මුදලකට විකුණා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කරන විට දී මෙම සැකකාර තැනැත්තා විසින් අදාළ ස්ථානයේ මත්පැන් විකුණන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

වැටලීමේ දී වෙළෙඳසැලේ තිබී බීර කෑන් 12 ක් සොයා ගෙන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු හට රුපියල් 30,000 ක දඩයක් නියම කර තිබෙනවා.

ඇසළ පෙරහර නිමිත්තෙන් මෙම මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.

මේ අතර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වැනි දිනය අදයි.

ඊයේ (12) රාත්‍රියේ දී තුන්වැනි දිනට කුඹල් පෙරහැර වීදි සංචාරය සිදු කළා.

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 10 වැනි දා පස්වරු 06.06ට ආරම්භ වූයේ පළමු කුඹල් පෙරහැර සුබ මොහොතින් වීදි සංචාරය කිරීම අරඹමින්.

අවසන් කුඹල් පෙරහර හෙට(14) දිනයේ දී විථි සංචාරය කිරීමට නියමිතයි.

පළමු වැනි රන්දෝලි පෙරහර අනිද්දා (15) ආරම්භ වන අතර එළඹෙන 20 වනදා පැවැත්වෙන දහවල් පෙරහරින් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05