ඇවිලුණු කන්දකාඩුව දැන් සන්සුන් – එකොළොස් දෙනෙක් වැලිකන්ද රෝහලේ (වීඩියෝ)

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (04) පස්වරුවේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එකොළොස් දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

රඳවියන් දසදෙනෙකු සහ එක් හමුදා සෙබළෙක් මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වනවිට වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම ගැටුමේ දී රැඳවියන් විසින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මුළුතැන්ගෙය සහ තවත් ස්ථාන කිහිපයක දේපළවලට අලාභ හානි සිදුකර ඇති බවයි වැලිකන්ද පොලිසිය සඳහන් කළේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළවලට හානි සිදුකිරීමට සහ ගැටුම ඇතිකර ගැනීමට යොදාගත් පොලු මුඟුරු සහ මත්ද්‍රව්‍ය තොගයක් ද සිදුකළ සෝදිසි කිරීම්වල දී සොයාගෙන තිබෙනවා.

මේ අතර ඊයේ (04) අලුයම් කාලයේ දී පළාගිය රැඳවියන් 20දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සිටි කිහිපදෙනෙක් සෝමවතියේ වන්දනාවේ පැමිණි බස් රථයක් පැහැරගැනීමට උත්සාහ කර ඇති අතර, ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් පනස්දාහක මුදලක් සහ ජංගම දුරකථන 02ක් ද පැහැරගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

මෙලෙස පළාගිය රැඳවියන් 20 දෙනා සහ ගැටුමේ දී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තවත් රැඳවියන් 14 දෙනෙක් ද මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මෙම රැඳවියන් 34 දෙනා අද (05) දිනයේ දී පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

යුද හමුදාව සහ පොලිසිය එක්ව මේ වනවිට පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනයකර ඇති බව සඳහන්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අවස්ථා කිහිපයක දී මීට පෙර ද ගැටුම් ඇතිකරගමින් පළාගොස් තිබුණා.

WhatsApp Image 2024 02 04 at 20.27.49 bbe80465
WhatsApp Image 2024 02 04 at 20.27.51 f23e0283
WhatsApp Image 2024 02 04 at 20.27.55 95d59e87
WhatsApp Image 2024 02 04 at 20.27.54 f040ccc2
WhatsApp Image 2024 02 04 at 20.27.55 d2266fe4
WhatsApp Image 2024 02 04 at 20.27.50 08512548
WhatsApp Image 2024 02 04 at 20.27.51 f2091232
WhatsApp Image 2024 02 04 at 20.27.53 5b43bfbc
WhatsApp Image 2024 02 04 at 20.27.52 305e34ed
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16