සුප්‍රසිද්ධ ගිනි කන්දක් වන එට්නා කන්ද පුපුරා ගොස් තිබෙනවා.
අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ මෙම පුපුරා යාමත් සමග එම කන්දෙන් විශාල දුම් රොටු සිසිලි අහස් කුස වසා පැතිර ඇති බවයි.
යුරෝපයේ ඇති විශාලතම මෙන් ම සක්‍රීය ම ගිනි කන්ද ලෙසයි එට්නා ගිනි කන්ද හැඳින්වෙන්නේ.
තවමත් මෙම ගිනි කන්ද පුපුරා යාමත් සමග ඒ අවට කලාපයේ අළු, ගෑස් වර්ග සහ විවිධ පාෂාණ කොටස් සහිත ව පැතිරෙමින් තිබෙන බව ද අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
කෙසේවෙතත් එට්නා ගිනි කන්ද සක්‍රීය වුව ද ඒ අවට වෙසෙන්නන්ට කිසිදු අනතුරක් සිදු නොවන බවට එරට බලධාරීන් මහජනතාවට තහවුරු කර තිබෙනවා.
නමුත් සිසිලි බලධාරීන් කැටානියා ගුවන්තොටුපොළට නම් අනතුරු අඟවා ඇත්තේ එට්නා කලාපය අවට ගුවන් ගමන් අවදානම් බව දැනුම්දෙමින්.
එහෙත් සෙසු ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිසිලියා හි සිදු වන බව ද වාර්තා වනවා.
අද පස්වරුව වන විට එට්නා හි ගිනි දැල් විමෝචනය වීම පාලනය වී ඇති බවත් වාර්තා වනවා.
සිසිලියේ ජනාධිපති රෙනාටෝ ෂිෆානි ප්‍රකාශ කළේ පිපිරීමෙන් නිකුත් වූ ලාවා ගලායාම ගිනි කන්දේ ස්වාභාවික සීමා කලාපය උල්ලංඝනය කර නොමැති බවත්, “ජනගහනයට කිසිදු අනතුරක් සිදු නොකළ” බවත්ය.
මූලාශ්‍රය – ALJAZEERA




