ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම මාර්ගයේ රන්දෙණිය ප්‍රදේශයේ අද (28) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි.
ඇල්ල සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී රියදුරු ලොරි රථයෙන් එළියට විසි වී රථයටම යට වී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතරක පුද්ගලයෙක්.
අප වාර්තාකරු සඳහන් කළේ ලොරි රථයට යටවී තිබූ රියදුරුගේ සිරුර ඉන් පිටතට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.
අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.





