Empty Ad
AFC Banner
Empty Ad

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයට බාධා

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 12 කණුව ආසන්නයෙන් අවහිර වී ඇති බව පොලිසිය පවසනවා.

මාර්ගයට පස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනය බාධා එල්ල වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මාර්ගය යළි පිළිසකර කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි රියදුරන්ට සහ මහජනතාවට දැනුම් දෙන්නේ.

විකල්ප මාර්ග ලෙස,

ඇල්ල සිට වැල්ලවාය දෙසට ගමන් කිරීමේදී – බණ්ඩාරවෙලින් අඹදණ්ඩේගම හරහා ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් වැල්ලවාය දෙසට ගමන් කළ හැක.

වැල්ලවාය දෙස සිට ඇල්ල දෙසට ගමන් කිරීමේදී – වැල්ලවාය ඌව කරඳගොල්ල ප්‍රදේශයෙන් අඹදණ්ඩේගම හරහා ඇල්ල දෙසට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?