ඇල්ල බස් අනතුරින් මියගිය 15 දෙනාගේ මෘතදේහ තංගල්ල නගර සභාවට

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝ මීටර් කණුව ආසන්නයේ සිදු වූ බස් අනතුරින් මියගිය සියලුදෙනාගේ
මෘතදේහ මේ වනවිට තංගල්ල නගර සභාව රැගෙනවිත් තිබෙනවා.

එම මෘතදේහයන් අද (06) පෙරවරු 10.00 දක්වා නගර සභාවේ තැන්පත් කර තිබෙනවා.

අනතුරින් පසු බදුල්ල සහ දියතලාව යන රෝහල්වල තැන්පත් කර තිබූ මෙම මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (05) රාත්‍රියේ තංගල්ල බලා රැගෙන එනු ලැබුවා.

පෙරේදා (04) රාත්‍රී 9.20ට පමණ සිදු වූ මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් 15 දෙදෙනකුට දිවි අහිමි වූ අතර, එම පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?