ඇල්ල බස් අනතුරින් මියගිය 15 දෙනාගේ මෘතදේහ තංගල්ල නගර සභාවට

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝ මීටර් කණුව ආසන්නයේ සිදු වූ බස් අනතුරින් මියගිය සියලුදෙනාගේ
මෘතදේහ මේ වනවිට තංගල්ල නගර සභාව රැගෙනවිත් තිබෙනවා.

එම මෘතදේහයන් අද (06) පෙරවරු 10.00 දක්වා නගර සභාවේ තැන්පත් කර තිබෙනවා.

අනතුරින් පසු බදුල්ල සහ දියතලාව යන රෝහල්වල තැන්පත් කර තිබූ මෙම මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඊයේ (05) රාත්‍රියේ තංගල්ල බලා රැගෙන එනු ලැබුවා.

පෙරේදා (04) රාත්‍රී 9.20ට පමණ සිදු වූ මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් 15 දෙදෙනකුට දිවි අහිමි වූ අතර, එම පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසිංහ ඇතුළු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ද සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06