ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී අනතුරට පත්වූ බස් රථයේ කොටස් අද (08) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.
ප්‍රපාතයට පෙරළී ගිය බස් රථයේ කොටස් ගොඩගෙන පෙරේදා (06) දිනයේ ඇල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.
එමෙන්ම අනතුරට පත් බස් රථය නිරීක්ෂණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද අද දිනයේ පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.
මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන 10කට වැඩි සංඛ්‍යවක් හඳුනාගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එලෙස හඳුනාගත් අවදානම් ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතිනවා.
ඒ, අනුව එම මාර්ගය දෙපස පිළිසකර කළ හැකි අවදානම් සහිත ස්ථානවල පස් ගොඩකිරීම ආරම්භ කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.





