ඇල්ලේ අනතුරට පත් බසය අද රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ප්‍රදේශයේ දී අනතුරට පත්වූ බස් රථයේ කොටස් අද (08) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණය කිරීමට නියමිතව තිබෙනවා.

ප්‍රපාතයට පෙරළී ගිය බස් රථයේ කොටස් ගොඩගෙන පෙරේදා (06) දිනයේ ඇල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

එමෙන්ම අනතුරට පත් බස් රථය නිරීක්ෂණය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද අද දිනයේ පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ අවදානම් ස්ථාන 10කට වැඩි සංඛ්‍යවක් හඳුනාගෙන ඇති බව බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

එලෙස හඳුනාගත් අවදානම් ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කෙරෙමින් පවතිනවා.

ඒ, අනුව එම මාර්ගය දෙපස පිළිසකර කළ හැකි අවදානම් සහිත ස්ථානවල පස් ගොඩකිරීම ආරම්භ කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06