ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපතිවරයා ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනයේ දැක් වෙන්නේ, එහි සභාපති ලෙස කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා පත්ව ඇති බවයි.
එම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන පත්කර තිබෙනවා.
ඡන්ද කොට්ඨාස 17න්, 15ක ජය වාර්තා කරමින් පසුගිය මස 26 වැනිදා පැවැති මැතිවරණයේ දී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1