ඇමෙරිකානු රාජ්‍ය ලේකම් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සමග පැවති රැස්වීමේ දී දකුණු චීන මුහුදේ බීජිනයේ “අස්ථාවර ක්‍රියා” පිළිබඳ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් කනස්සල්ල පළ කළ බව CNN වාර්තා කරනවා.

පවතින ආතතීන් නොතකා, ලාඕසයේ පැවැත්වෙන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී මෙම හමුව සිදු වුණා.

ධවල මන්දිරයේ නව පරිපාලනයක් සමග ලෝකය කෙබඳු වනු ඇත්ද යන්න පිළිබඳ කලාපීය විමර්ශනය අලුත් වී ඇති පසුබිමක සිදුවන ආසියාවේ සංචාරයක් අතරතුර බ්ලින්කන් ලාඕසයේ දී වැන්ග් හමු වූ බව CNN වාර්තා කරනවා.

ඔවුන් දෙදෙනා ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය ගැටලු සාකච්ඡා කළ අතර, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එක්සත් ජනපදය, සිය මිත්‍ර රටවල් සහ හවුල්කරුවන් සමග එක් ව විවෘත ඉන්දු පැසිෆික් දැක්ම ඉදිරියට ගෙන යන බව රාජ්‍ය ලේකම්වරයා පැහැදිලි කළ බවයි.

බ්ලින්කන්, සාකච්ඡාවේ දී, රුසියාවේ ආරක්ෂක කාර්මික පදනම සඳහා චීනයේ සහයෝගය ගැන ද සාකච්ඡා කළ අතර, මිලර්ට අනුව, චීනය ඔවුන්ගේ සහයෝගය අවසන් නොකළහොත් එක්සත් ජනපදය “සුදුසු පියවර” ගන්නා බවට යී ට අනතුරු ඇඟවූයේ.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ, එක්සත් ජනපදය “චීනය පිළිබඳ වැරදි අවබෝධයක්” දරණ බවත්, “තාර්කික හා ප්‍රායෝගික චීන ප්‍රතිපත්තියක්” වෙත නැවත පැමිණෙන ලෙසත් වැන්ග් බ්ලින්කන්ට පැවසූ බවයි.

කෙසේ වෙතත්, ප්‍රකාශයට අනුව, CNN වාර්තා කළ පරිදි, ඔවුන් දෙදෙනා සන්නිවේදනය දිගටම කරගෙන යනු ඇති.

වියට්නාමය, ජපානය, පිලිපීනය, සිංගප්පූරුව සහ මොංගෝලියාව යන රටවල් ඇතුළත් බ්ලින්කන්ගේ සතියක සංචාරයේ පළමු අදියර පැමිණෙන්නේ, එ.ජ. ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් රටවල් දෙක අතර සබඳතා ස්ථාවර කිරීමට දරන උත්සාහය නොතකා, එක්සත් ජනපදය හා චීනය අතර නොනවතින ආතතීන් මධ්‍යයේ යි.

මෑත වසරවල දී, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මෙන්ම, දකුනු චීන මුහුදේ චීනයේ වඩ වඩාත් ප්‍රබල පියවරයන් සහ තායිවානය දෙසට එල්ල කරන තර්ජන, වොෂින්ටන්-බීජිං සබඳතාව පළුදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47