AFC Banner
Empty Ad
Empty Ad

ඇමෙරිකානු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තවත් කලු ජාතික තරුණියක් මරණයට

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කිරීමට විනාඩි කිහිපයකට පෙර අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් 16 හැවිරිදි කලු ජාතික තරුණියක්ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

එහිදී මියගොස් ඇත්තේ මාකියා බ්‍රයන්ට් නම් තරුණියකි. පොලිසිය විසින් නිකුත්කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ එම තරුණිය විසින් වෙනත් පුද්ගලයෙක්ව තල්ලු කරන බවත් එම හේතුවෙන් එම පුද්ගලයා බිම ඇද වැටෙන බවත්ය.

අනතුරුව බ්‍රයන්ට් තවත් තරුණියක් වෙත පිහියක් දිගු කරන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ. එවිටම පොලිස් නිලධාරියෙක් ඇයට වෙඩිතබා තිබෙනවා. පොලිස් නිලධාරියා විසින් වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල කර ඇති අතර ඉන් සුළු වේලාවකට පසුව බ්‍රයන්ට් එම ස්ථානයේම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?