ඇමරිකාව ජාත්‍යන්තර නීතිරීතිවලට පිටින් ගිහින් – එක්සත් ජාතීන්ගේ මහලේකම් දැඩි කනස්සල්ලෙන්

වෙනිසියුලාවේ, එක්සත් ජනපදයේ හමුදා මෙහෙයුම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්
දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිනවා.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ, වෙනිසියුලාවේ තත්වය කුමක් වුවත්, ඇමරිකාව සිදුකළ ක්‍රියාව භයානක පූර්වාදර්ශයක් බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ඇතුළුව ජාත්‍යන්තර නීතියට සියල්ලන් විසින්ම පූර්ණ ලෙස ගරු කිරීමේ වැදගත්කම මහලේකම්වරයා දිගටම අවධාරණය කරනවා.

ඇමරිකාව ජාත්‍යන්තර නීතියේ නීතිරීතිවලට ගරු කර නොමැති බවයි ඔහු දැඩි කනස්සල්ලට පත්ව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් කටයුතු කරන ලෙසට ඔහු වෙනිසියුලාවෙන් ද ඉල්ලා සිටිනවා.

මේ අතර රුසියාවේ සහ චීනයේ සහාය ඇතිව කොලොම්බියාව විසින් සඳුදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?