AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකාව, ඔලිම්පික් බාස්කට් බෝල් පිටියේ ජයකෙහෙළි නංවයි

පස්වන වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාස්කට් බෝල් රන් පදක්කම දිනාගන්නට ප්‍රබල ඇමරිකානු කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, මෙවර ඔලිම්පික් උළෙලේ සත්කාරකයින් වන ප්‍රංශ කණ්ඩායම රන් පදක්කම වෙනුවෙන් පැවති අවසන් මහා තරගයේ දී පරාජය කරමින්.

අවසන් තරගයේ දී ලකුණු 98ට 87ක් ලෙස ඇමරිකානු බාස්කට් බෝල් කණ්ඩායම ප්‍රංශය පරාජය කළා.

ඇමරිකානු බාස්කට් බෝල් කණ්ඩායම මීට පෙර 2008, 2012, 2019 සහ 2021 යන ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් වල දී බාස්කට් බෝල් රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් තගය ඉසව්ව ලෙස පැවැත්වුණේ බාස්කට් බෝල් තරග ඉසව්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?