“ඇමරිකාවේ ස්වර්ණමය යුගය දැන් ඇරඹුනා” – ජනපති ධුරයේ දිවුරුම් දෙමින් ට්‍රම්ප් කියයි

ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වේලාවෙන් ඊයේ (20) දහවල් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා.

වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේ දී පැවති මෙම දිවුරුම්දීමේ උත්සවය අමෙරිකානු සම්ප්‍රදාය අනුව පැවැත් වුණා.

ඇමරිකානු සම්ප්‍රදාය අනුව ජනාධිපති පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුව ද පවතින අධික ශිත කාලගුණය හේතුවෙන් මෙවර එය කැපිටල් ගොඩනැගිල්ල තුළ පැවැත්වීම ද විශේෂත්වයක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීමට පෙර උප ජනාධිපතිවරයා වශයෙන් ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ට්‍රම්ප්ගේ ආධාරකරුවන්, කැබිනට් නාමයෝජනා ලැබූවන් සහ හිටපු ජනාධිපතිවරුන් සහභාගී වී සිටියා.

දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ, ඇමරිකාවේ ස්වර්ණමය යුගය දැන් ආරම්භ වී ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ ඉතිහාසයේ වඩාත්ම හිංසනයට පත් වූ ජනාධිපතිවරයා තමන් බවත්, එක් අවස්ථාවක තමන්ගේ ජීවිතය පවා උදුරා ගැනීමට උත්සාහ කළ බවයි.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ අරඹමින් විධායක ක්‍රියාමාර්ග කිහිපයකට අත්සන් තබා ඇති බව වාර්තා වනවා.

නිල වශයෙන් පත්වීමෙන් පැය කිහිපයකට පසු ඔහු අත්සන් කළ විධායක ක්‍රියාමාර්ග අතරට හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රතිපත්ති 78ක් අවලංගු කිරීම ද ඇතුළත්.

එමෙන්ම 2021 වසරේ ජනවාරි 06 වන දින කැපිටල් කෝලාහල සම්බන්ධයෙන් 1,500 දෙනෙකුට සමාව නිකුත් කරන බව ද ට්‍රම්ප් එහිදී සඳහන් කිරීම ද විශේෂත්වයක්.

එමෙන්ම ඇමරිකානු දකුණු දේශසීමාවේ ‘ජාතික හදිසි අවස්ථාවක්’ ප්‍රකාශයට පත් කරමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට අත්සන් කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අමතරව ට්‍රම්ප් විසින් රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (ඩොජ්) නිර්මාණය කිරීමේ නියෝගයට ද අත්සන් තබා ඇති අතර, එහි ප්‍රධානියා ලෙස ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක්ට හිමිව තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?