එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් එරට හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ්ට එම තනතුරෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබෙනවා.
පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජෝර්ජ්, වහාම ක්‍රියාත්මක වන පරිදි 41 වන හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම යන බවයි.
මේ අතර රැන්ඩි ජෝර්ජ් වෙනුවට හමුදා උප මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ක්‍රිස්ටෝපර් ලැනීව්, ඇමරිකානු හමුදා වැඩබලන මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කරනු ඇති බවයි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරානයට එරෙහිව මෙහෙයුම් සිදුකරමින් පවතින අවස්ථාවක රැන්ඩි ජෝර්ජ්ට එම තනතුරින් ඉවත්වීමට දැනුම්දීම සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිශ්චිත හේතුවක් දක්වා නැහැ.













