ඇමති සුසිල්ගෙන් ගුරුවරුන්ට සුබ ආරංචියක්

හුදු ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය‍ සේවයේම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/-ක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අච්චු ගැසීමකින් තොරව බංකොලොත්භාවයෙන් රට මුදා ගත් පරිදිම ඉදිරි සැලසුම් ද සකස් කර ඇති බවයි.

වෙනත් දේශපාලන පක්ෂ ඊට වඩා වැඩි මුදලකින් පඩි වැඩි කරන බව පැවසුවත් ඊට අදාළ කිසිදු ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් නොකිරීම නිසා මහජන විශ්වාසය දිනාගත නොහැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රජය සකස් කර ඇති අය-වැය සැලසුම් අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමවේද හරහා මෙම වැටුප් වැඩිවීම ක්‍රියාවට නැංවීමේ දී ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ අගයකින් වැඩි වන බව ද හෙතෙම පවසා තිබෙනවා.

එසේම මෙම වැටුප් වැඩිවීම සිදු කරන බව රජය පවසන්නේ සහේතුක ව බවත් එම මහතා පැවසුවා.

රජය විසින් බංකොලොත්භාවයේ සිට වසර දෙකක් පමණ ක්‍රමානුකූල ව ගොඩනගාගෙන පැමිණෙන රටේ ආර්ථිකය ඉදිරියටත් වර්ධනය කිරීමේ හැකියාව හා පඩි වැඩි කිරීමේ සැබෑ හැකියාව වත්මන් රජය සතුව පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
35
+1
2
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?