ඇමති සුසිල්ගෙන් ගුරුවරුන්ට සුබ ආරංචියක්

හුදු ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය‍ සේවයේම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/-ක් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අච්චු ගැසීමකින් තොරව බංකොලොත්භාවයෙන් රට මුදා ගත් පරිදිම ඉදිරි සැලසුම් ද සකස් කර ඇති බවයි.

වෙනත් දේශපාලන පක්ෂ ඊට වඩා වැඩි මුදලකින් පඩි වැඩි කරන බව පැවසුවත් ඊට අදාළ කිසිදු ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් නොකිරීම නිසා මහජන විශ්වාසය දිනාගත නොහැකි බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

රජය සකස් කර ඇති අය-වැය සැලසුම් අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමවේද හරහා මෙම වැටුප් වැඩිවීම ක්‍රියාවට නැංවීමේ දී ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ අගයකින් වැඩි වන බව ද හෙතෙම පවසා තිබෙනවා.

එසේම මෙම වැටුප් වැඩිවීම සිදු කරන බව රජය පවසන්නේ සහේතුක ව බවත් එම මහතා පැවසුවා.

රජය විසින් බංකොලොත්භාවයේ සිට වසර දෙකක් පමණ ක්‍රමානුකූල ව ගොඩනගාගෙන පැමිණෙන රටේ ආර්ථිකය ඉදිරියටත් වර්ධනය කිරීමේ හැකියාව හා පඩි වැඩි කිරීමේ සැබෑ හැකියාව වත්මන් රජය සතුව පවතින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුවත් එක්ක කාටත් කුමන්ත්‍රණ කරන්න බෑ
02:31
Video thumbnail
මේ වගේ මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා
00:48
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54