AFC Banner
Empty Ad
Empty Ad

ඇමති විමල් වීරවංශ නැවතත් ආවේශ වෙයි

ආණ්ඩුවක් ඇතුළේ ඉඳගෙන, ඇමැතිකම් දරමින්, ආණ්ඩුවේ වැරැුද්දක් වෙනව නම්, ඒක ඇතුළේ කතා කරල බේරගන්න බැරි නම්, ඒක එළිපිට කතා කරල බේරගන්න උත්සාහ දරන එක, හම්බන්තොට වරාය විකුණද්දී හීන් කෙඳිරියක්වත් නඟන්න කොන්දක්වත් පණ නොතිබිච්ච අයට තේරුම් ගන්න බෑ යැයි කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීය.

ඒ ආණ්ඩුවේ හිටපු අය, ඒ ආණ්ඩුව හදන්න සම්මාදන් වෙච්ච අය අරලියගහ මන්දිරයේ හොරට හොරට ඒ ආණ්ඩුවේ සාකච්ඡුාවලට සහභාගි වෙච්ච අය ඒ ආණ්ඩුව වැරදි කරද්දී ඔහේ බලන් හිටපු අය ඒ ගොල්ලන්ට තේරුම් ගන්න බෑ ආණ්ඩුවක් ඇතුළේ ඉඳගෙන ඇමැතිකම් සහිතව ඉඳගෙන ආණ්ඩුවේ වැරැුද්දක් වෙනව නම් ඒක ඇතුළේ කතා කරලා බේරගන්න බැරිනම් ඒක එළිපිට කතා කරල බේරගන්න උත්සාහ දරන එක ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ යැයිද හෙතෙම කියා සිටියේය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කුරුණෑගල, පන්නල කර්මාන්තපුරයේ දෙවන අදියර යටතේ ඉදිවන අශෝක් මැෂිනරි කර්මාන්ත ශාලාවට ඊයේ (2 දා) මුල්ගල තැබීමේ අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඇමැති විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?