ඇමති ආනන්ද විජේපාලට අපහාසවන ඡායාරූප සංසරණයවීම ගැන සී.අයි.ඩීයෙන් විමර්ශනයක්

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලට අපහාස වන පරිදි ව්‍යාජ ප්‍රවෘත්ති සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.

ඉන්දුනීසියාවේ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන අවස්ථාවේ දී මෙහෙයුමට දායක වූ පොලිස් නිලධාරීන් ඇගයීම සඳහා අමාත්‍යවරයා ගුවන් තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණ සිටියා.

මෙම අවස්ථාවට අදාළ වන ලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අමාත්‍යවරයාගේ ඡායාරූප සහ අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රවෘත්ති සමාජ මාධ්‍යවල පළවීම හේතුවෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙන බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16


?