ඇමති ආනන්ද විජේපාලට අපහාසවන ඡායාරූප සංසරණයවීම ගැන සී.අයි.ඩීයෙන් විමර්ශනයක්

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාලට අපහාස වන පරිදි ව්‍යාජ ප්‍රවෘත්ති සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළා.

ඉන්දුනීසියාවේ සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන අවස්ථාවේ දී මෙහෙයුමට දායක වූ පොලිස් නිලධාරීන් ඇගයීම සඳහා අමාත්‍යවරයා ගුවන් තොටුපොළ පරිශ්‍රය වෙත පැමිණ සිටියා.

මෙම අවස්ථාවට අදාළ වන ලෙස ව්‍යාජ ලෙස සකස් කරන ලද අමාත්‍යවරයාගේ ඡායාරූප සහ අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රවෘත්ති සමාජ මාධ්‍යවල පළවීම හේතුවෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙන බවයි අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36