ගිනිගත්හේන – ඇබඩින් දිය ඇල්ලේ දිය නාමින් සිටි තරුණයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (29) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවන් රසංග ප්‍රේමචන්ද්‍ර නැමති 34 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම තරුණයාගේ නිවසට පැමිණි ඥාතීන් පිරිසක් සමඟ ඇල්ලේ සිරි නැරඹීමට එහි ගොස් තිබෙනවා.
එම අවස්ථාවේ අදාළ තරුණයා දිය ඇල්ල පාමුලට පැන දිය නාමින් සිටිය දී එකවරම ජලයේ ගිලී අතරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලී අතුරුදහන් වූ තරුණයා තරුණයා සොයා මෙහයුමක් ආරම්භ කර ඇති අතර, ඔවුන් විසින් තරුණයා සොයාගන්නා අවස්ථාවේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.
සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු කර ඇති අතර,මරණය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.




