ඇඳිරිනීතිය අමතක වූ මිනිස්සු

නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබියදී සෞඛ්‍ය උපදෙස් කඩකරමින් කොවිලක පැවති උත්සවයක් පිළිබඳව හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් වාර්තා වෙයි.

දිඹුල බොගහවත්තේ කොවිලේදී එම උත්සවය පවත්වා තිබුණේ ඊයේ (22) දිනයේදීය.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා සඳහන් කළේ උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එම කොවිලේ පාලක සභාවට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා බවය.

එම උත්සවය සඳහා විශාල පිරිසක් සහභාගීවී ඇති අතර ඔවුන් මුඛ ආවරණ නිසිලෙස පැලඳ නොසිට ඇති බවද අනාවරණය වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?