ඇන්ජිගේ T20 ගමන නවතියි ? – උපුල් තරංගගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

එළඹෙන වසරේ පැවැත්වෙන (2025) පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ගේ එක් වීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග පවසනවා.

අද (24) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි සභාපතිවරයා මේ බව සඳහන් කළේ.

මාධ්‍යවේදියෙකු උපුල් තරංගගෙන් විමසා සිටියේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ද විශිෂ්ට අන්දමින් තරග අවසන් කරන්නෙකු ලෙස දැකිය හැකි වූ ඇන්ජිලෝ මැතිව්ස් මෙම සතියේ ආරම්භ වීමට නියමිත ඉන්දීය T20 තරගාවලිය සඳහා එක් නොකර ගත්තේ මන්ද යන්නයි.

එම අවස්ථාවේදී උපුල් තරංග සඳහන් කළේ; තමන් ඇතුළු ක්‍රිකට් තේරීම් කමිටුව ද මීට පෙර ඇන්ජිලෝ මැතිව්ස් සමග ඔහුගේ T20 ක්‍රිකට් ජීවිතයේ ඉදිරිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්; ඉදිරි ලෝක කුසලානයට ඇන්ජිව එක් කරගැනීමට අදහසක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සතුව නැති බවයි.

නවක ක්‍රීඩකයින් හට අවස්ථාවක් ලබාදීම වෙනුවෙන් සහ ඔවුන් ව ලබන වසරේ T20 ලෝක කුසලානයට සූදානම් කරවීම වෙනුවෙන් මෙම බැරෑරුම් තීරණය ගෙන ඇති බව ද හෙතෙම පැවසුවා.

එමෙන්ම ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස් දැක්වූ දක්ෂතා ගැන ද සහාපති උපුල් තරංග ප්‍රශංසා කළ අතර; ඔහු සතු තුන් ඉරියව් දක්ෂතා සංචිතයෙන් ගැලවීම මහත් හිස්තැනක් සේ දකින බවත්; ඊට කඩිනමින් විසඳුම් සෙවීමට නවක ක්‍රීඩකයින් ව හුරු කරවීම අවශ්‍ය බවත් ඔහු මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
12
+1
6
+1
2
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුජිබුර්ට මඩ ග#හන එක අසාධාරණයි - ආණ්ඩුව වගකීම් භාරගන්න
08:01
Video thumbnail
ආපදාවන් නිරීක්ෂණයට ගිය NBRI අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
04:22
Video thumbnail
කන්න දීපු අත හපාකන්න එපා - හරියට වැඩ කරපල්ලකෝ
03:02
Video thumbnail
අවතැන් කඳවුරුවල ඉන්න දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ දුන් ප්‍රවීණ නළුවා
02:09
Video thumbnail
මාධ්‍යට අත තිබ්බොත් ඒක තමයි තොපේ අවසානය
05:00
Video thumbnail
මෙන්න කාළගුණයේ නොහිතපු වෙනසක්..තරංග ආකාරයේ සුළං තත්ත්වයක්..දිස්ත්‍රික්ක කිහිපයකටම වැසි
01:58
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12


?