ඇතෙකු සමඟ දින ගණනක් පොරබැදි වන අලියා කවුඩුල්ල ජලාශයේ මිය යයි

ඇතෙකු සමඟ ඇතිවූ දරුණු සටනකින් පසු බරපතළ තුවාල ලබා සිටි වන අලියෙක් මැදිරිගිරිය – කවුඩුල්ල ජලාශයේ දී මියගොස් තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ මෙම සතුන් දෙදෙනා අතර දරුණු ගැටුම් ඇති වූ බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් තුවාල ලාඅ සිටි වන අලියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් තුවාල ලබා බරපතළ තත්ත්වයේ සිටි එම වන අලියා මියගොස් ඇති අතර, මියගිය සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) පෙරවරුවේ සිදුකර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් පමණ වන, උස අඩි 09ක් පමණ වන අලියෙක් බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
28
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?