AFC Banner
AFC Banner
Empty Ad

ඇත් දළ විකිණිල්ල පොලිසියට මාට්ටු

ඇත් දළයක් විකිණීමට රැගෙන ආ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (15) පස්වරුවේ බේරුවල ඉන්ධනහල අසල දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සැකකරු බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට නීති විරෝධී අයුරින් මෙම ඇත් දළය විකිණීමට රැගෙනවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු යස අවුරුදු 49ක මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?