spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇත්දළ ජාවාරමකට විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට

විහාරස්ථානයකට සැදැහැවතෙක් පූජා කරන ලද සද්දන්ත හස්තියකුගේ ඇත් දළ යුගලය ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කල බව කියන විහාරාධිපති හිමිනමක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

මාතර ප්‍රදේශයේ පුද්ගලයකු විශාල ප්‍රමාණයේ ඇත් දළ යුගලක් විකිණීමට ගැණුම්කරුවෙකු සොයන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරීවරයාට ලද රහසිගත තොරතුරක් අනුව ඉකුත් පෙබරවාරි මස 12 වෙනි දින මාතර පිටබැද්දර ප්‍රදේශයේ කරා ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දින කීපයක් තිස්සේ සිදු කළ විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස දුර්ලභ එම ඇත් දළ යුගලය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ වැදගත් තොරතුරු කිහිපයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකින් අනතුරුව ඇත් දළ යුගලය පිටබැද්දර ප්‍රදේශයේ විහාරස්ථානයක ධාතු මන්දිරය සඳහා පූජා කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව ඉතා රහසිගත ලෙස එම තොරතුර සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඒ බව සනාථ වීමෙන් අනතුරුව 65 හැවිරිදි විහාරාධිපති හිමි නම ඊයේ (19) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

වසර 05කට පමණක් ඉහතදී ධාතු මන්දිරය වෙත පූජා කර තිබූ මෙම සද්දන්ත ඇත් දළ යුගලය සැකකාර හිමිනම උපක්‍රමශීලීව විහාරස්ථානයෙන් බැහැර කර ජාවාරම්කරුවන් මාර්ගයෙන් විකිණීමට සැලසුම් කර තිබූ බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

සැකකාර හිමිනම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?