AFC Banner
AFC Banner
Empty Ad

ඇඟලුම් කම්හල් හිමිකරුට පහරදුන් පුද්ගලයෙක් රිමාන්ඩ්

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්තශාලාවක හිමිකරු වු ඕමාන් ජාතිකයාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් සියන් තිසේරා මහතායි අද (31) පස්වරුවේ මෙම නියෝගය ලබාදුන්නේ.

බඩල්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තුන්දෙනාගෙන් එක්
සැකකරුවෙකුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් සැකකරුවන් දෙදෙනා මෙලෙස ඇප මත මුදා හැරුණා.

කටාන, හල්පේ ප්‍රදේශයේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ඇඟලුම් කම්හලක කළමනාකාර අධ්‍යක්ෂ සහ ආරක්ෂක නිලධාරියාට ඊයේ දිනයේදී යි නාඳුනන පුද්ගලයින් පිරිසක් පහරදීම් සිදුකර තිබුණේ.

පොලිසිය සඳහන් කළේ, ඕමාන් ජාතිකයෙකු වන ඇඟලුම් කම්හලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ආරක්ෂක නිලධාරියා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.

පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ කම්හල් පරිශ්‍රයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති අතර එහිදී ආරක්ෂක නිලධාරියාට මුලින් පහර දී තිබෙනවා.

ඉන් අනතුරුව එම පිරිස කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිහිටි කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ නිවසට කඩා වැදී ඔහුට දැඩි ලෙස පහරදී ඇතැයි සඳහන්.

ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ ආධාරකරුවන් විසින් අවස්ථා කිහිපයකදී කළමනාකාරීත්වයට හිරිහැර කර ඇති බවටයි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අනාවරණය කර ඇත්තේ.

සුප්‍රසිද්ධ ඕමාන් ඇඟලුම් ජාලයක සහෝදර සමාගමක් වන ඇඟලුම් කම්හලේ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක් සේවය කරනවා.

සැකකරුවන් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කුලී පදනම මත කර්මාන්ත ශාලාවට වාහනයක් ඇතුළු කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් එම පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?