ඇඟලුම් කම්හල් හිමිකරුට පහරදුන් පුද්ගලයෙක් රිමාන්ඩ්

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්තශාලාවක හිමිකරු වු ඕමාන් ජාතිකයාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් සියන් තිසේරා මහතායි අද (31) පස්වරුවේ මෙම නියෝගය ලබාදුන්නේ.

බඩල්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් තුන්දෙනාගෙන් එක්
සැකකරුවෙකුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර අනෙක් සැකකරුවන් දෙදෙනා මෙලෙස ඇප මත මුදා හැරුණා.

කටාන, හල්පේ ප්‍රදේශයේ ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ඇඟලුම් කම්හලක කළමනාකාර අධ්‍යක්ෂ සහ ආරක්ෂක නිලධාරියාට ඊයේ දිනයේදී යි නාඳුනන පුද්ගලයින් පිරිසක් පහරදීම් සිදුකර තිබුණේ.

පොලිසිය සඳහන් කළේ, ඕමාන් ජාතිකයෙකු වන ඇඟලුම් කම්හලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ආරක්ෂක නිලධාරියා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි.

පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ කම්හල් පරිශ්‍රයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී ඇති අතර එහිදී ආරක්ෂක නිලධාරියාට මුලින් පහර දී තිබෙනවා.

ඉන් අනතුරුව එම පිරිස කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිහිටි කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාගේ නිවසට කඩා වැදී ඔහුට දැඩි ලෙස පහරදී ඇතැයි සඳහන්.

ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ ආධාරකරුවන් විසින් අවස්ථා කිහිපයකදී කළමනාකාරීත්වයට හිරිහැර කර ඇති බවටයි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා අනාවරණය කර ඇත්තේ.

සුප්‍රසිද්ධ ඕමාන් ඇඟලුම් ජාලයක සහෝදර සමාගමක් වන ඇඟලුම් කම්හලේ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික පිරිසක් සේවය කරනවා.

සැකකරුවන් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කුලී පදනම මත කර්මාන්ත ශාලාවට වාහනයක් ඇතුළු කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් එම පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33