AFC Banner
AFC Banner
Empty Ad

ඇගළුම් කම්හල් සේවිකාව නාන අයුරු වීඩියෝ කළ සේවකයා රිමාන්ඩ්

ඇගළුම් කම්හල් සේවිකාවක් දිය නාන අයුරු සූක්ෂම අයුරින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ සැකකරුවෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ කටුනායක ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් කාමරයක නැවතී සිටින මිගලෑව, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි වාර්තා වන්නේ.

ඇඟලුම් කම්හල් සේවකයෙකු වන සැකකරු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය මෙහිදී නියෝග කර තිබෙනවා.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පැමිණිලිකාර කාන්තාව දිය නාමින් සිටින අවස්ථාවක නාන ස්ථානය වටකර ඇති ස්ථානයේ ඇති සිදුරකින් සැකකරු විසින් දිය නාන අයුරු ජංගම දුරකථයෙන් වීඩියෝ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරුට අයත් ජංගම දුරකථනයේ තවත් කාන්තාවන් දිය නාන අයුරු වීඩියෝ කර ඇති දර්ශන ඇති බවයි හෙළිවුණේ.

සැකකාර පුද්ගලයා සහ පැමිණිලිකර කාන්තාව කටුනායක, වෙළඹඩ පාරේ පිහිටි බෝඩිං කාමර දෙකක පදිංචිව සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
13
+1
6
+1
1
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?