ඇගළුම් කම්හල් සේවිකාව නාන අයුරු වීඩියෝ කළ සේවකයා රිමාන්ඩ්

ඇගළුම් කම්හල් සේවිකාවක් දිය නාන අයුරු සූක්ෂම අයුරින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ සැකකරුවෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධාගාර ගතකර ඇත්තේ කටුනායක ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් කාමරයක නැවතී සිටින මිගලෑව, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි වාර්තා වන්නේ.

ඇඟලුම් කම්හල් සේවකයෙකු වන සැකකරු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මානසික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කරන ලෙසට ද අධිකරණය මෙහිදී නියෝග කර තිබෙනවා.

කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන පැමිණිලිකාර කාන්තාව දිය නාමින් සිටින අවස්ථාවක නාන ස්ථානය වටකර ඇති ස්ථානයේ ඇති සිදුරකින් සැකකරු විසින් දිය නාන අයුරු ජංගම දුරකථයෙන් වීඩියෝ කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරුට අයත් ජංගම දුරකථනයේ තවත් කාන්තාවන් දිය නාන අයුරු වීඩියෝ කර ඇති දර්ශන ඇති බවයි හෙළිවුණේ.

සැකකාර පුද්ගලයා සහ පැමිණිලිකර කාන්තාව කටුනායක, වෙළඹඩ පාරේ පිහිටි බෝඩිං කාමර දෙකක පදිංචිව සිටින බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21