AFC Banner
Empty Ad
Empty Ad

ආහාර විෂ වීමකින් 43 දෙනෙකු රෝහල්ගත කෙරේ

ආහාර විෂ වීමෙන් පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් 43 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

මීගොඩ පොලිසිය පැවසුවේ පාදුක්ක – වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) පෙරවරුවේ මෙම සිදුවීම වාර්තා වූ බවයි.

එම පිරිස ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු ඇති අතර; ඔවුන් අවුරුදු 20 – 40 අතර වයසේ පසු වන්නන් බවයි වාර්තා වන්නේ.

අදාළ සේවක සේවිකාවන්ට ආයතනය තුළම ක්‍රියාත්මක ආපණ ශාලාවෙන් උදෑසන ආහාරය ලබා දී තිබෙනවා.

එම ආහාර ගැනීමෙන් අනතුරුව ටික වේලාවකට පසුවයි; වමනය, ක්ලාන්තය සහ උදරයේ වේදනාව හටගෙන ඇත්තේ.

ඒ අනුව අසාත්මිකතා හටගත් පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?