AFC Banner
AFC Banner
Empty Ad

ආසියාව මෙවර කාන්තා 20-20 ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි

2016 වසරෙන් පසු පළමු වරට කාන්තා පන්දු වාර 20-20 ලෝක කුසලානයක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායමට ඊයේ (14) හැකියාව ලැබුණා.

ඒ, පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමඟ පැවති මූලික වටයේ තරගය 54 කින් ජයගැනීමත් සමඟයි.

නවසීලන්ත ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ පාකිස්ථානයට සහ ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායමට ද මෙවර පන්දු වාර 20-20 ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු වුණා.

ඊයේ පැවති තරගය පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ජයගැනීමට හැකිවූවා නම් මෙවර තරගාවලියේ නවසීලන්ත සහ පාකිස්ථාන අභිබවා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදාවනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ රඳවාගෙන තිබූ ඉහළ දළ ලකුණු වේගය හේතුවෙන්.

ඒ, අනුව මෙවර කාන්තා පන්දුවාර 20-20 තරගාවලියට සහභාගී වූ ආසියානු කණ්ඩායම් සියල්ල මේ වනවිටත් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වී අවසන්.

මේ අතර තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (15) රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතරයි.

මෙම තරගයේ තීරණය බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම්වල මෙන්ම දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩයමේ ද ඉදිරිය තීරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?