AFC Banner
Empty Ad
Empty Ad

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (18) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡාවක නිරත වුණා.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිය ස්තූතිය පළ කර සිටියා.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඉදිරියේදීත් අපේක්ෂා කරන බවයි අගමැතිවරිය මෙහිදී සඳහන් කළේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානි Cholpon Mambetova, ජ්‍යෙෂ්ඨ සමාජ සංවර්ධන නිලධාරි හේරත්බණ්ඩා ජයසුන්දර, ආසියානු සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපට්ටුව සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යන අය මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?