ආසියානු කුසලානයේ වියදම් ගැන ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩල අතර අවුලක්

පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒම හේතුවෙන් ඇති වූ අමතර ඩොලර් මිලියන 03-04ක වැයබර දැරිය යුත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන්පාකිථාන ක්‍රිකට් මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර මූල්‍ය ආරවුලක් මතු වී ඇති බව වාර්තා වනවා.

පාකිස්ථානය විසිත් සත්කාරකත්වය දරමින් පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළු බහුතර තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි සිදු වුණේ.

ඒ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළකිරීමත් සමඟයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ගමන්, හෝටල් වෙන්කරවා ගැනීම්, ස්ථාන කුලියට ගැනීමේ ගාස්තු සහ ගමන් බිමන් සඳහා අමතර වියදම් දැරීම සත්කාරක පාර්ශවයට සිදුව තිබෙනවා.

පසුගිය ද පැවති අසියානු ක්‍රිකට් කවුන්සිල මහා සභා වාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ
මෙම සත්කාරකත්වය හරහා තමන් අමතර ආදායමක් නොලබන බැවින් සහ තරඟාවලියේ නිල සත්කාරකයා නොවන බැවින් එම මූල්‍යමය වගකීම ගැනීම අකමැති බවයි.

කෙසේ වෙතත්, එකඟ වූ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තවමත් ගෙවා නොමැති බවයි වාර්තා වුණේ.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන සභාපති කවාර් ෂා සහ ප්‍රධාන විධායක සල්මන් නසීර් මේ මූල්‍ය අර්බුධය සම්බන්ධයෙන් බාලී හීදී සාකච්ඡා කරන විට ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරය සිට ඇත්තේ එකම ස්ථාවරයක බව වාර්තා වනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට අමෙරිකානු ඩොලර් 281,700 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෙවා ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අමෙරිකානු ඩොලර් 2,069,885ක් ලබාදීමට එකඟ වී සිටියා.

කෙසේ වෙතත් මෙතෙක් පැවති ස්ථාවරය වෙනස් කර ඇති පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, අමතර වියදම් කිහිපයක් බෙදාගැනීමට සහ ඩොලර් මිලියන 2.5ක සත්කාරක ගාස්තුවක් ගෙවීමට සූදානම්වන බවට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?