ආසියානු කුසලානයේ වියදම් ගැන ශ්‍රී ලංකා – පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩල අතර අවුලක්

පසුගිය වසරේ පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒම හේතුවෙන් ඇති වූ අමතර ඩොලර් මිලියන 03-04ක වැයබර දැරිය යුත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන්පාකිථාන ක්‍රිකට් මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර මූල්‍ය ආරවුලක් මතු වී ඇති බව වාර්තා වනවා.

පාකිස්ථානය විසිත් සත්කාරකත්වය දරමින් පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගය ඇතුළු බහුතර තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමටයි සිදු වුණේ.

ඒ, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළකිරීමත් සමඟයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ගමන්, හෝටල් වෙන්කරවා ගැනීම්, ස්ථාන කුලියට ගැනීමේ ගාස්තු සහ ගමන් බිමන් සඳහා අමතර වියදම් දැරීම සත්කාරක පාර්ශවයට සිදුව තිබෙනවා.

පසුගිය ද පැවති අසියානු ක්‍රිකට් කවුන්සිල මහා සභා වාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ
මෙම සත්කාරකත්වය හරහා තමන් අමතර ආදායමක් නොලබන බැවින් සහ තරඟාවලියේ නිල සත්කාරකයා නොවන බැවින් එම මූල්‍යමය වගකීම ගැනීම අකමැති බවයි.

කෙසේ වෙතත්, එකඟ වූ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තවමත් ගෙවා නොමැති බවයි වාර්තා වුණේ.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩ බලන සභාපති කවාර් ෂා සහ ප්‍රධාන විධායක සල්මන් නසීර් මේ මූල්‍ය අර්බුධය සම්බන්ධයෙන් බාලී හීදී සාකච්ඡා කරන විට ජේ ෂා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරය සිට ඇත්තේ එකම ස්ථාවරයක බව වාර්තා වනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විට අමෙරිකානු ඩොලර් 281,700 ක මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෙවා ඇති අතර, ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අමෙරිකානු ඩොලර් 2,069,885ක් ලබාදීමට එකඟ වී සිටියා.

කෙසේ වෙතත් මෙතෙක් පැවති ස්ථාවරය වෙනස් කර ඇති පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය, අමතර වියදම් කිහිපයක් බෙදාගැනීමට සහ ඩොලර් මිලියන 2.5ක සත්කාරක ගාස්තුවක් ගෙවීමට සූදානම්වන බවට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08