ආසාදිතයින් 2,428ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 2,428 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 354,396ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිතව ප්‍රතිකාරගෙන සුවය ලැබූ 2,325 දෙනෙකු අද දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව මේ වනවිට 312,057ක් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?