AFC Banner
Empty Ad
Empty Ad

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක් (නිවේදනය)

මෙරට පිහිටි ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ තර්ජනයක් පවතින බවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තානාපති කාර්‍යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ; මෙම ප්‍රහාරය පිළිබඳව විශ්වසනීය බුද්ධි තොරතුරු මේ වනවිට ලැබී ඇති බවයි.

මෙම ප්‍රහාරය ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කරගනිමින් සිදුවිය හැකි බවටත් වාර්තා වනවා.

මෙම තර්ජන හේතුවෙන් සිය නිලධාරින්ට සහ සංචාරකයින්ට නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ බොක්ක වෙත සංචාරය කිරීම තහනම් කිරීමටයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්‍යාලය තීරණය කර ඇත්තේ.

එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ; මේ සම්බන්ධයෙන් යම් කිසි
සැක සහිත තොරතුරක් වේ නම්; හදිසි අවස්ථා පළාත් පාලන ආයතන වෙත වාර්තා කරන්න ක්ෂණික ඇමතුම් 119 ට අමතන ලෙසටයි.

සෑම විටම සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් තම වටපිටාව ගැන දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිස ඉදිරියේ දිල්ශාන් කොරවුණ ප්‍රශ්නය #dilshan
02:45
Video thumbnail
Breaking News 🛑බෙංගාල බොක්ක කැලඹෙයි - සුළි සුළඟකුත් ඇතිවන ලකුණු #badweather
02:51
Video thumbnail
ඇහේ කඳුළු පුරෝගෙන පාස්කු ප්‍රහාරය ගැන රන්ජන් කිව්ව කතාව
05:54
Video thumbnail
දැන් තරුණයෝ රට ගොඩගන්න සල්ලි එවන්න සූධානම් #akd #npp
03:57
Video thumbnail
විපක්ෂ නායක තනතුරට සිහින දකින සර්වජන බලයේ හාම්පුත්තු - ජනපතිට දාපු කිංඩිය #akd #dilithjayaweera
06:39
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52

?