AFC Banner
AFC Banner
Empty Ad

“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ පැවැත්වෙන “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පස්වරුවේ එක් වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පේල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදායි ආරම්භ කෙරුණේ.

මෙරට අභිමානය විදහා දැක්වෙන අයුරින් නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා විසින් සංවිධානය කර තිබෙනවා.

“ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා කියා සිටියේ බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවත්, අරගලයේ සිටි තරුණ තරුණියන් ද ඒ අතර වන බවයි.

චිත්‍ර ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශනයට සහභාගී වූ චිත්‍ර ශිල්පීන් සමඟ සුහද කථා බහකට ද එක් වුණා.

වසර 03කට වරක්වත් මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලෙස මෙහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර වසර තුනකට වරක් නොව, වසරකට වරක් මෙවන් සාර්ථක චිත්‍ර ප්‍රදර්ශනයක් සංචාරක කර්මාන්තය ද ඉලක්ක කර ගනිමින් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් ඇතුළු චිත්‍ර කිහිපයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු කෙරුණා.

“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය අදින් අවසන් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?