“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ පැවැත්වෙන “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පස්වරුවේ එක් වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පේල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදායි ආරම්භ කෙරුණේ.

මෙරට අභිමානය විදහා දැක්වෙන අයුරින් නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා විසින් සංවිධානය කර තිබෙනවා.

“ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා කියා සිටියේ බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවත්, අරගලයේ සිටි තරුණ තරුණියන් ද ඒ අතර වන බවයි.

චිත්‍ර ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශනයට සහභාගී වූ චිත්‍ර ශිල්පීන් සමඟ සුහද කථා බහකට ද එක් වුණා.

වසර 03කට වරක්වත් මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයක් සංවිධානය කරන ලෙස මෙහිදී ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී අතර වසර තුනකට වරක් නොව, වසරකට වරක් මෙවන් සාර්ථක චිත්‍ර ප්‍රදර්ශනයක් සංචාරක කර්මාන්තය ද ඉලක්ක කර ගනිමින් සංවිධානය කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් ඇතුළු චිත්‍ර කිහිපයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු කෙරුණා.

“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය අදින් අවසන් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26