ආරක්ෂක නියෝජ්‍ය ඇමති යුධෝපකරණ ගබඩා නිරීක්ෂණයට ගිහින්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර, පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පතොරම් සහ යුධෝපකරණ ගබඩා පහසුකම්වල දෙදින නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ද එම අවස්ථාවන්ට එක්ව සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පතොරම් ගබඩාවල තත්ත්වය පරීක්‍ෂා කළ අතර, එහි වත්මන් මෙහෙයුම් සහ ආරක්ෂක සූදානම පිළිබඳව ද සමාලෝචනය කළා.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී පතොරම් සහ යුධෝපකරණ ගබඩාවල ආරක්ෂාව සහ සුරක්‍ෂිතතා පියවරයන් වැඩිදියුණු කිරීම, හදිසි ප්‍රතිචාර සැලසුම් සංවර්ධනය, හදිසි තත්ත්වයන්හි දී බාහිර ආයතන සමඟ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, නියාමන අනුකූලතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සම්මත මෙහෙයුම් පටිපාටි (SOPs) ක්‍රියාත්මක කිරීම, වගවීම සහ ආරක්‍ෂිත ක්‍රියාවලීන්හි සුමට බව ඇතුළු තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡාවට ලක් වුණා.

ආරක්ෂක අමාත්‍යාංශය, අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව ජාතික අරමුණු වෙනුවෙන් දිවයින පුරා ස්ථාපිත සන්නද්ධ හමුදාවන් සතු සියලුම පහසුකම්වල ආරක්‍ෂාව අධීක්‍ෂණය කිරීමට, තක්සේරු කිරීමට සහ වැඩිදියුණු කිරීමට පුරෝගාමීව පියවර ගනිමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චානක හිනාවක් දාල ජනපතිට කිව්ව හින්ට් එක..සමාජ මාධ්‍යයේ නම් දැන් "හුන්ඩු කුමාරනේ" කියන්නේ
01:02
Video thumbnail
ඉරාන නෞකාගේ සිටි පිරිසගේ නවතම තත්ත්වය..එක් රෝගියෙකුට බරපතළයි..
01:57
Video thumbnail
හුන්ඩුවක් කීම අම්මපා දෛවයේ සරදමක්..හුන්ඩු කතාවට හරීන්ගෙන් සැර හින්ට් එකක්..
04:39
Video thumbnail
"මම ක්‍රීම් ගාලා ඇඳුම් නැතුව හිටියේ..දොර කඩාගෙන පොලිසිය ආවා"මුන් පොලිසියද ? කැමරා ඔක්කොම කඩලා දාලා
05:20
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41