ආයෝජන ප්‍රවර්ධනයේ දී කොළඹ වරාය නගරය සහ ඉදිරි සැලසුම් ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ දායකත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.

මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී යි.

මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, මුදල් අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන ක්ෂේත්‍ර ගණනාවක නිලධාරීන් සම්බන්ධ වී තිබෙනවා.

මෙහිදී කොළඹ වරාය නගරය ආශ්‍රිතව සිදුකරන ආයෝජන වලට අවශ්‍ය වන නීතිමය අංශයෙන් වන බේරුම්කරන මධ්‍යස්ථානයක් ස්ථාපිතකිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ සඳහා විශේෂ ආරාධිතයෙක් ලෙස අධිකරණ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද සම්බන්ධ වුණා.

මෙහිදී අමාත්‍යවරයා සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් බේරුම්කරන මධ්‍යස්ථානයක් ස්ථාපිතකිරීම පිළිබඳ වර්තමාන තත්ත්වය සහ එය ඉක්මනින් අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21