“ආයා”ට විශාල ඉල්ලුමක්

තුර්කියට සහ සිරියාවට බලපෑම් එල්ල කළ භූමිකම්පාවෙන් පසු වයඹ දිග සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් යට උපත ලැබූ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක් පිරිසක් ඉදිරිපත් වී තිබෙනවා.

අරාබි බසින් ආශ්චර්යය යන අරුත ඇති “ආයා” නාමය ඇයට තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය බේරා ගන්නා විටත්, ඇගේ පෙකණි වැලෙන් මවට සම්බන්ධ වී සිටියා.

ජින්ඩයිරිස් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු ඇගේ මව, පියා සහ සහෝදර සහෝදරියන් සිව්දෙනාම මරණයට පත් වුණා.

මේ වන විට රෝහල්ගත කර ඇති ආයා මේ වන විට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයක පසු වන බවයි වාර්තා වන්නේ.

බිළිඳිය බේරාගැනීමේ වීඩියෝ සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර ගොඩනැගිල්ලක කඩා වැටුණු සුන්බුන් අතරින් දුහුවිල්ලෙන් වැසී ගිය බිළිඳකු අතැතිව මිනිසෙක් වේගයෙන් දිව යන ආකාරය එම දර්ශනවල දැක්වෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ දහස් ගණනක පිරිසක් දැරිය හදා වඩා ගැනීමට ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

රෝහල් කළමණාකරු, Khalid Attiah පවසන්නේ, Aya දරුවා හදා ගැනීමට ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් තමාට ද ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේවන විට 21000 ඉක්මවා ගොස් තිබෙනවා.

තුර්කියේ මරණ 18000ක් වාර්තා වී ඇති අතර සිරියාවේ මරණ 3000ක් සිදුවී ඇති බවටයි මේවන විට අනාවරණ වී ඇත්තේ. සුන්බුන් අතර සිරවූ දහස් ගණනක පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර තුර්කියේ සුන්බුන් අතර සිරවී සිටි අලුත උපන් තවත් බිළිඳුන් 16 දෙනෙකු ඊයේ සහන කණ්ඩායම් විසින් සොයා ගනු ලැබුවා.

ඔවුන් එරට ජනාධිපතිවරයාට අයත් ගුවන්යානයෙන් රෝහල්වලට රැගෙන ගිය අතර ඔවුන්ට කිරි මව්වරුන් සොයා දීමට ද බලධාරීන් පියවර ගත්තා. එම දරුවන් හදා වඩා ගැනීමට ද ඉල්ලීම් රැසක් ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29