ආපදා නිසා විනාශ වූ නිවාස වෙනුවට නව නිවාස ඉදි කිරීම් හෙට ඇරඹෙයි

‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීමේ සහ වන්දි ලබාදීමේ සමාරම්භක වැඩසටහන හෙට (09) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ආරම්භ කිරීමට නියමිතයි.

මේ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, හඳුන්ගම, රාජාංගණය සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්දිය සහ රීදිගම දොඩම්ගස්ලන්ද යන ප්‍රදේශවලදී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන් පැවැත්වෙනවා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?