ආපදාවට ලක්වූවන්ට රජයෙන් ලබාදෙන දීමනාවල නවතම ප්‍රගතිය

අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වයෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 427ක පවුල් 12,311ක් මේ වනවිටත් රැඳී සිටින බව ආරක්ෂක අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ආපදාවට ලක්වූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 25,000 අත්තිකාරම් මුදල ලබාගැනීමට පවුල් 456,846 සුදුසුකම් ලබා ඇති බවයි.

ඉන් පවුල් 372,447ක් සඳහා එම අත්තිකාරම් මුදල මේ වනවිටත් ගෙවා අවසන් කර ඇති බවයි අතිරේක ලේකම්වරයා සඳහන් කළේ.

එමෙන්ම රජය විසින් ගෙවනු ලබන රුපියල් පනස්දහසේ දීමනාව පවුල් 3,665ක් සඳහා ගෙවා අවසන් කර ඇති බව සඳහන් කළ ඔහු එම දීමනාව ලබා ගැනීම වෙනුවෙන් පවුල් 147,628ක්‌ සුදුසුකම් ලබා සිටින බවයි පැවසුවේ.

මේ අතර පාසල් ළමුන් සඳහා ගෙවනු ලබන රුපියල් 15,000 දීමනාව ලබාගැනීමට ළමුන් 211,614ක් සුදුසුකම් ලබා සිටින බව සඳහන් කළ ඔහු මේ වනවිටත් ළමුන් 3000 කට ආසන්න පිරිසකට ගෙවා ඇති බවයි සඳහන් කර සිටියේ.

මෙම දීමනාව දෙසැම්බර් මස 31ට පෙර ගෙවා අවසන් කිරීම අරමුණ බව ද අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක පැවසුවා.

මේ අතර විදෙර්ශයන්ගෙන් ලැබෙන විදේශ ආධාර ආපදාවන්ට ලක්වූවන්ට බෙදාදීමට විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් සිදුකරගෙන යන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?