ආදරය කරන මුවාවෙන් තරුණියකට අතවර කළ තරුණයෙක් සොයා විමර්ශන

ආදරය කරන මුවාවෙන් තරුණියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය පවසනවා.

මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ අවුරුදු 19ක තරුණියක් වන අතර, මෙම සිද්ධියෙන් පසු ඇති වූ දැඩි කම්පනය හේතුවෙන් කිසියම් පෙති වර්ගයක් පානය කර ඇය මේ වනවිට රෝහල් ගතව ප්‍රථිකාර ලබන බවයි වාර්තා වුණේ.

නවගත්තේගම නගරයේ පුද්ගලික ආයතනයක සේවය කරන මෙම තරුණිය මිත්තණිය සමඟ කුලී පදනම මත එම ප්‍රදේශයේ කාමරයක නවාතැන් ගෙන සිට තිබෙනවා.

ඇය පසුගිය දිනක අවශ්‍යතාවයක් සඳහා මුදල් ලබාගැනීමට ආණමඩුව නගරයට පැමිණෙන අවස්ථාවේ දී අදාළ තරුණයාව හඳුනාගෙන තිබෙනවා.

එලෙස දැන හඳුනාගත් පසු දෙදෙනා කලක් ඇසුරුකර ඇති අතර, පසුගිය දිනක තරුණයා විසින් තරුණියට පවසා ඇත්තේ තමන් ඇයට දැඩිව ආදරය කරන බවයි.

ඒ, පිළිබඳව කතාබස් කර ගැනීම සඳහා පසුගිය 15 වනදා (පෙරේදා) දින තමන්ව හමුවීමට පැමිණෙන ලෙස තරුණයා තරුණියට පවසා තිබෙනවා.

එලෙස පැමිණි තරුණියව ආණමඩුව නගරයේ වැව රවුමට කැදවාගෙන ගොස් ඇති තරුණයා එහිදී ඇයට අතවර කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව නිවසට පැමිණ ඇති තරුණිය සිදුවූ සිද්ධිය පිළිබඳව පියාට පවසා ඇති අතර, අනතුරුව ඇය නාන කාමරයට ගොස් එහි තිබූ කිසියම් පෙති වර්ගයක් පානය කර තිබෙනවා.

අනතුරුව තරුණියගේ මව්පියන් විසින් ඇයව ප්‍රථිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29